2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දින ගැන දැනුම්දීමක්.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ ජුනි සහ ජූලි මාසවල ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාද දෝෂයන් වළක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(World News Express Plus)
Join With Us.
.jpeg)
Comments
Post a Comment