උණුසුම් කාලගුණය ගැන දැනුම්දීමක්.

 


උතුර, උතුරුමැද ,වයඹ සහ නැගෙනහිර යන පලාත්වලත් මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තවද එම ප්‍රදේශවලදී මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ මුලතිව් සහ පොතුවිල් යන ප්‍රදේශවලින් වන අතර එම අගය දැක්වුනේ සෙල්සියස් අංශක 35.7 ක් ලෙසය.

එමෙන්ම අඩුම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ නුවරඑළියෙන් වන අතර එය සෙල්සියස් අංශක 14 කි.

(World News Express Plus)


                     Join With Us.   

                    Telegram.     

                   Facebook

Comments