අද කාලගුණය

 


අද (30)දිනයේදීද දිවයිනේ තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවද නැගෙනහිර සහ ඌව පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




(World News Express Plus)


            Join With Us   

            Telegram.   

            Facebook

Comments