අද කාලගුණය

 


දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තවද බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව යන පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


(World News Express Plus)

     

       Join With Us

       Telegram.   

       Facebook

Comments