සාමාන්‍ය පෙළ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුලදී සිසු සැරිය බස් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එල්.කේ.ඩී.අල්විස් මහතා පවසනවා.
තවද විභාග කාලසීමාව තුල විශේෂ දුම්රිය සේවා ද යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව පෞද්ගලික බස් සේවාව ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
(World News Express Plus)
Join With Us

Comments
Post a Comment