අද කාලගුණය


 බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
කවද වයඹ පලාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එහි සඳහන්ය.මධ්‍යම,ඌව සහ නැගෙනහිර යන පලාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


(World News Express Plus)


   Join With Us

 Telegram.  

 Facebook

Comments