මෙරට ඉන්ධන මිල වෙනස් වෙයි.


අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව නව සංශෝධනයන් පහත පරිදි වේ.

ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර  ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 කි.

නව සංශෝධනයන්ට අනුව ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහල යන අතර ඒ අනුව ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 385 කි.

ලංකා සුපිර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව ලංකා  සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340 කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩුකර ඇති අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 245 කි.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩුකර ඇති අතර ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 270 කි.


(World News Express Plus)







 Join With Us

Telegram     

Facebook

Comments