අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවද රත්නපුර,ගාල්ල,මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාකවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.
වයඹ පලාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පලාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(World News Express Plus)
Join With Us.
.jpeg)
Comments
Post a Comment