අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව පලාතේත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
වයඹ පලාතේද වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ මධ්‍යම පලාත්වල සහ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
තවද උතුරු සහ උතුරුමැද පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 45 ක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(World News Express Plus)
Join With Us
.jpeg)
Comments
Post a Comment