Posts

ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් නිවේදනයක්.

Image
  කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද සබරගමුව පලාතට සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. (World News Express Plus) Join With Us Telegram .  Facebook

අද කාලගුණය

Image
  බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පලාතේත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. වයඹ පලාතේද වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ මධ්‍යම පලාත්වල සහ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද උතුරු සහ උතුරුමැද පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 45 ක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus) Join With Us Telegram .    Facebook

අද කාලගුණය

Image
  නිරිතදිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. තවද සබරගමුව පලාතේත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසිද ඇතිවිය හැකි බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. වයඹ පලාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පලාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. එමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus) Join With Us Telegram .  Facebook

අද කාලගුණය

Image
බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද රත්නපුර,ගාල්ල,මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාකවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය. වයඹ පලාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පලාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus)       Join With Us.      Telegram          Facebook

ලංකා සතොස ආයතනය භාණ්ඩ වර්ග 6 මිල පහල දමයි.

Image
  අද (01) සිට භාණ්ඩ වර්ග 6 ක මිල පහල දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ පහත සඳහන් පරිදිය. පාන් පිටි 1Kg - රුපියල් 210.00 ලොකු ලූනු 1Kg - රුපියල් 115.00 රතු පරිප්පු 1Kg - රුපියල් 314.00 සුදු සීනි 1Kg - රුපියල් 229.00 කඩල 1Kg - රුපියල් 545.00 සුදු නාඩු 1Kg - රුපියල් 175.00 (World News Express Plus)  Join With Us Telegram .   Facebook

මෙරට ඉන්ධන මිල වෙනස් වෙයි.

Image
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව නව සංශෝධනයන් පහත පරිදි වේ. ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර  ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 කි. නව සංශෝධනයන්ට අනුව ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහල යන අතර ඒ අනුව ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 385 කි. ලංකා සුපිර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව ලංකා  සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340 කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩුකර ඇති අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 245 කි. ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩුකර ඇති අතර ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 270 කි. (World News Express Plus)  Join With Us Telegram      Facebook

අද කාලගුණය

Image
  බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. කවද වයඹ පලාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එහි සඳහන්ය.මධ්‍යම,ඌව සහ නැගෙනහිර යන පලාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන්ය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus)    Join With Us   Telegram .     Facebook

ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි.

Image
  ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 287.87 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 300.92 ක් ලෙසත් සටහන් විය (World News Express Plus)                   Join With Us                    Telegram .                      Facebook

මෙරට රත්‍රං මිල ගණන් පහලට

Image
මෙරට රත්‍රං මිල ගණන් පහල ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳපොල ආරංචි මාර්ග පවසනවා.ඒ අනුව අද (31) පොරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳපොලෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 149,000 දක්වා පහල බැස තිබෙනවා. මේ අතර සිකුරාදා දිනයේදී රුපියල් 167,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද (31) දිනයේදී රුපියල් 161,000 ක් දක්වා පහල ගොස් ඇති බව වාර්තා වේ. (World News Express Plus) Join With Us Telegram .  Facebook

අද කාලගුණය

Image
  දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව යන පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus)              Join With Us         Telegram .            Facebook

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දින ගැන දැනුම්දීමක්.

Image
2022  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ ජුනි සහ ජූලි මාසවල ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන්  සිදුවූ  ප්‍රමාද දෝෂයන් වළක්වා ගනිමින්  හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. (World News Express Plus)    Join With Us.  Telegram .    Facebook .     

අද කාලගුණය

Image
  අද (30)දිනයේදීද දිවයිනේ තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද නැගෙනහිර සහ ඌව පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව සඳහන්ය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus)             Join With Us                 Telegram .                 Facebook

චෙන්නායි සුපර් කිංග්ස් 2023 IPL ශූරතාව දිනාගනී.

Image
2023 IPL ශූරතාවය දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කල අතර මුලින් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩාකිරීම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තියුණු සටනකින් පසු කඩුලු 5 ක ජයක් වාර්තා කලේය. (World News Express Plus) Join With Us     Telegram .   Facebook

රුපියල තවත් ශක්තිමත් වෙයි.

Image
  ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද(29) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.89 වූ අතර එහි විකුණුම් මිල වූයේ රුපියල් 303.26 කි. (World News Express Plus).                        Join With Us.           Telegram .            Facebook

උණුසුම් කාලගුණය පිළිබඳ නිවේදනයක්

Image
  අද(29) දිනයේ පලාත් හතරකට දැඩි උණුසුම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු,උතුරුමැද,වයඹ සහ නැගෙනහිර  පලාත්වල ඇතැම් ස්ථානවල  තාප දර්ශක, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය  "අවදානමක්"  දක්වා ඉහල යනු ඇති බව එහි සඳහන්ය (World News Express Plus)  Join With Us  Telegram .  Facebook

සාමාන්‍ය පෙළ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Image
  සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුලදී සිසු සැරිය බස් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එල්.කේ.ඩී.අල්විස් මහතා පවසනවා. තවද විභාග කාලසීමාව තුල විශේෂ දුම්රිය සේවා ද යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව පෞද්ගලික බස් සේවාව ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය. (World News Express Plus)                 Join With Us                          Telegram .                   Facebook

IPL අවසන් සටන අද

Image
  චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාටි ටයිටන්ස් යන කණ්ඩායම් දෙක අතර ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ IPL අවසාන මහා තරගය වර්ෂාව හේතුවෙන් අද(29) දක්වා කල් දැමීමට තරඟ තීරක සහ විනිසුරුවන් තීරණය කලේය. ( World News Express Plus)                 Join With Us                    Telegram .                            Facebook

අද කාලගුණය

Image
  අද (29) දිනයේ දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ( World News Express Plus)                                   Join With Us                                       Telegram .                                       Facebook

අදින් ඇරඹෙන සාමාන්‍ය පෙළ

Image
  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින්(29) ආරම්භ වන අතර  මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ විභාග මධ්‍යස්ථාන 3568 ක් තුලදීය. අදින් (29) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. (World News Express Plus)                            Join With Us                           Telegram .                                Facebook

අද කාලගුණය

Image
  බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තවද මධ්‍යම,වයඹ, නැගෙනහිර,ඌව සහ උතුරුමැද යන පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (World News Express Plus)                        Join With Us.                             Telegram .                            Facebook